ගීතා කුමාරසිංහ මන්ත්‍රී ධුරයට නුසුදුසු බව අභියාචනාධිකරණය තීන්දු කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීම සුදුසු නැති බවට අද (3) දින අභියාචනාධිකරණය තීන්දුකර තිබේ. ඇය ස්විට්සර්ලන්තයයේ පුරවැසිභාවය දැරීම හේතුවෙන් මෙලෙස ඇයට මන්ත්‍රී ධුරයක් දැරීමට අයිතියක් නැති බව තීන්දු කර තිබේ.

ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයෙකු වන බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන ලෙස ඉල්ලා 2015 මාර්තු මාසයේදී ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ඡන්දදායකයන් 5 දෙනෙකු විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබුණි.

අභියාචනාධිකරණයේ සභාපති විජිත් මලල්ගොඩ සහ පී‍්‍රති පද්මන් සූරසේන යන විනිසුරුවරුන් හමුවේ මෙම පෙත්සම විභාගයට ගත් අතර, මේ දක්වා ඇය ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය ඉවත් කරගෙන තිබේද යන්න පිළිබඳව කිසිදු සාක්ෂියක් නොමැති නිසා ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ සිටීමට නොහැකි බවද නීතීඥවරුන් අධිකරණයේදී ප්‍රකාශ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top