පාකිස්ථානයට අයත් සමුද්‍ර ආරක්‍ෂක නෞකාවක් කොළඹ වරායට

පාකිස්තානු නාවික හමුදාවට අයත් සමුද්‍රී ආරක්ෂක නෞකාවක් වන දාෂ්ට්  නෞකාව අද (3) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු විය.

නාවික සම්ප්‍රදායන්ට අනුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළි ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කොට තිබුණි.

මෙම නෞකාවේ නැව් මුළුව නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් රාශියකට සහභාගී වීමට නියමිතය.

තවද, නාවික හමුදා ක්‍රීඩා කණ්ඩායම් සමග වැලිසර නාවික කඳවුරේ දී අත්පන්දු සහ පැසිපන්දු, තරඟ කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වනු ඇත. එම නෞකාව මැයි මස 6 වන දින ශ්‍රී ලංකාවෙන් බැහැර වීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top