බැසිල් සහ තිරු නඩේසන්ට එරෙහි අධි චෝදනා භාර දෙයි..

මල්වානේ ඉඩම මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂට මහතාට සහ ඔහුගේ ඥාතියෙකු වන තිරු කුමාර් නඩේසන් මහතාට අද (03) ගම්පහ මහාධිකරණයේ දී අධිචෝදනා බාර දී තිබේ.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ චෝදනා තුනක් ඔවුන්ට එරෙහිව ගොනු කර ඇති අතර ඔවුන් අද අධිකරණයේ පෙනී සිටි ඇත.

ඔවුන් දෙදෙනා මීට පෙර පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියම කර තිබූ පෙර ඇප මතම මුදා හරින ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද නියෝග කර තිබේ.

නඩුව යළි ජූලි 27 වැනිදාට කැඳවීමට නියමිත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top