කිලිනොච්චිය උරුද්‍රපුරම් ප්‍රදේශයෙන් මෝටාර් උණ්ඩ 17 ක් සොයාගනී

කිලිනොච්චිය උරුත්තිරපුරම් , නීවිල් ප‍්‍රදේශයේ වගා බිමක ළිඳක් සුද්ධ පවිත‍්‍ර කරමින් සිටියදී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් සඟවා තිබූ මෝටාර් උණ්ඩ 17 ක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් ජලය ලබාගැනීම සඳහා ප‍්‍රදේශවාසියකු විසින් වගා ළිඳ සුද්ධ පවිත‍්‍ර කරමින් සිටියදී එහි තිබී මෝටාර් උණ්ඩ හමුවී ඇති බවත් ඒ පිළිබඳ පොලිසිය වෙත සිදුකළ දැනුම් දීමකින් පසු ළිඳ තුළ තිබී මෝටාර් උණ්ඩ 17 සොයාගත් බව පොලිසිය පවසයි.

සොයාගත් මෝටාර් උණ්ඩ සියල්ල මිලිමීටර 60 වර්ගයේ ඒවා බවත් දීර්ඝ කාලයක් ළිඳ තුළ තිබීම හේතුවෙන් දිරාපත්ව ගොස් ඇතැයි පොලිසිය කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top