මන්ත්‍රී ධූරය අහිමිවූ ගීතගෙන් බදු මුදල් අය කරගත යුතුයි – කැෆේ

අභියාචනාධිකරණය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රි ධූරය අහෝසි කිරීමට තීරණය කර අැති බැවින් ගීතා කුමාරසිංහ මහත්මිය වෙත නිකුත් කර අැති තීරු බදු සහන සහිත වාහනය සඳහා වන අදාල බදු මුදල වහාම අයකරගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමින් කැෆේ සංවිධානය විසින් මහා භාණ්ඩාගාර ලේකම්වරයාට සහ කථානායකවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කර අැති බව වාරු්තා වේ. මෙම තීරු බදු සහන සහිත වාහනය ගීතා කුමාරසිංහ මහත්මියට නිකුත් කිරීම නිසා රජයට හිමිවිය යුතු විශාල බදු මුදලක් අහිමිවී ඇති බැවින් අැයගේ වාහනයට අය විය යුතු රජයේ බදු මුදල අය කර ගැනීමට කටයුතු කළයුතු බවද අදාළ ලිපි මගින් වැඩිදුරටත් අවධාරණය කර අැති බව කැෆේ සංවිධානය පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top