ත‍්‍රීකුණාමල වරාය සංවර්ධනයට ඉන්දියාව සමග ඒකාබද්ධ කමිටුවක්

ත‍්‍රීකුණාමලය වරාය සහ යෝජිත ආර්ථික කලාපය සම්බන්ධයෙන් සැලසුම් සකස් කිරීමට ඉන්දියාව සමග ඒකාබද්ධ කමිටුවක් පත්කර බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඌව පරණගම යාලගමුව ප‍්‍රදේශයේ තරුණ අපනයන කෘෂිකර්ම ගම්මානය ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට ආර්ථිකය ගොඩනැගීමට ඇති එකම මාර්ගය අපනයන වෙළඳපොල බව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී සඳහන් කළා. ඉන්දියාව හා එක්ව මෙරටට පාඩුවක් නොවන ලෙස තෙල් ටැංකි සංකීර්ර්ණය සංවර්ධනය කළ හැකි අයුරු පිළිබඳවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා. ඉන් ඉන්දියාවට තෙල් ලබාදීමේ හැකියාව පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top