කල්කුඩාහි ඉදිකරන මත්පැන් නිෂ්පාදනාගාරයට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය..

මඩකලපුව, කල්කුඩා ප්‍රදේශයේ ඉදිවන මත්පැන් නිෂ්පාදනාගාර‍යට විරෝධය පළ කරමින් චෙංගලඩි ප්‍රදේශයේ අද උද්ඝෝෂණයක් පැවැත්විණි. මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ, චෙංගලඩි කොඩුවා මඩු ප්‍රදේශවාසීන් විසිනි. මත්පැන් නිෂ්පාදනාගාරයේ ඉදිකිරීම් කටයුතු නතර කරන්නැයි උද්ඝෝෂකයෝ ඉල්ලා සිටියහ. පසුගියදා කල්කුඩා ප්‍රදේශයේදී පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට සාධාරණය ඉටු කරන්නැයි ද උද්ඝෝෂකයෝ මෙහිදී ඉල්ලා සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top