මහින්ද තම පාලන සමයේ විවිධ පුද්ගලයින්ගේ ආරක්‍ෂාව අඩු කළා – චන්ද්‍රිකා කුමාරතුංග

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ විවිධ පුද්ගලයින්ගේ ආරක්‍ෂාව අඩු කළ බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

මහින්ද රාජපක්‍ෂගේ ආරක්‍ෂාව අඩුකොට ඔහු ඝාතනය කිරීමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්‍ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මේ බව පවසා තිබේ.

තමන් ජනාධිපති ධුරයෙන් ඉවත් වන විට තමන්ගේ ආරක්‍ෂාව ද එදා රාජපක්‍ෂවරුන් ඉවත් කළ බවයි. ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගෙන මාස 15 කට පසු 2007 සැප්තැම්බර් මාසයේදී මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් තමාට සිටි ආරක්‍ෂක නිලධාරීන් සියලු දෙනා ඉවත් කිරීමට ක්‍රියා කළ අතර, ආරක්‍ෂක භටයන් පමණක් නොව ආරක්‍ෂක වාහන සහ අවි සියල්ල ද ඉවත් කළ බව හිටපු ජනාධිපතිනිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගිය ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්ව ගිය විට එතුමාගේ ආරක්‍ෂාව අඩු කිරීමට රාජපක්‍ෂවරුන් ක්‍රියා කළ බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට සහාය දැක්වීමට පියවර ගත් අවස්ථාවේ රාජපක්‍ෂවරුන් කිසිදු හේතුවක් නොදක්වා ඇයගේ ආරක්‍ෂාව ද අහිමි කළ අයුරු මාධ්‍ය මගින් නිරන්තරයෙන්ම පෙන්වා දුන් බවද චන්ද්‍රකා කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top