ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සියල්ල සූදානම්

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සියලු කටයුතු සූදානම් බව අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පවසනවා. ජාත්‍යන්තර වෙසක් දින සැමරුම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති පෙරහුරුව නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

14 වන ජාත්‍යන්තර වෙසක් දින සැමරුමයි මෙවර පැවැත්වෙන්නේ. ප්‍රථම වරට එය ශ්‍රී ලංකාවේ පැවැත්වීම ද විශේෂත්වයක්. ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උලෙළ වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. බුදුරජාණන් වහනසේ ජීවමානව වැඩසිටි ස්ථාන ප්‍රතිනිර්මාණය කරමින් කහපොළ ප්‍රදේශයේ ඉදිකෙරෙන ශාක්‍ය ජනපදය පිළිබඳව ද අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ මෙහිදී අදහස් පළකළා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top