පලස්තීන පෙත්සමට ජවිපෙ අත්සන් තබයි

ඊස්‍රායලය විසින් රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පලස්තීන තානාපති කාර්යාලය විසින් අත්සන් කරනු ලබන පෙත්සමට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා අත්සන් තබා ඇත.

පලස්තීන සිරකරුවන් විසින් ආරම්භ කරන ඇති ආහාර උපවාසයට අදට (07) දින 21ක් ගත වී ඇති අතර ඔවුන් රඳවා සිටින බන්ධනාගාරයේ බලධාරීන් ඔවුන්ට බලහත්කාරයෙන් ආහාර ලබාදීමේ උත්සහයක නිරත වෙමින් සිටියි.

එය ජාත්‍යන්තර නීතිවලට පටහැනි අතර එයට විරෝධය පළකරමින් සහ ඔවුන් නිදහස් කරන ලෙස බල කරමින් මෙම පෙත්සම අත්සන් කරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top