කැලණියේදී දුම්රියක ගැටී දරුවෙක් මියයයි

කැලණිය, වනවාසල ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් 14 හැවිරිදි දරුවෙකු මිය ගොස් තිබේ.පොලීසිය පැවසුවේ, ගම්පහ සිට කොළඹ දෙසට ධාවනය වූ දුම්රියේ දරුවා ගැටී ඇති බවයි.අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.එලෙස මියගොස් ඇත්තේ, කැලණිය, තොරණ හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top