නරේන්ද්‍ර මෝදි දෙමළ පෙරටුගාමී සන්ධානය හමුවී සාකච්ඡා කරයි – මනෝ ගනේෂන්

දිවයිනට පැමිණෙන ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දික්ඕයා ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත පොදුජන හමුවට පෙර දෙමළ පෙරටුගාමී සන්ධානයේ නියෝජිතයන්ව හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

එහිදී නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රථම වරට 2015 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ තම සන්ධානය සමඟ කළ සාකච්ඡාවල ප්‍රගතිය ගැන ද, එම කාලය තුළ දිවයිනට දෙවතාවක් පැමිණි ඉන්දිය විදේශ කටයුතු ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලය ගැන ද සාකච්ඡා කරන බව දෙමළ පෙරටුගාමී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top