දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණ ගැන මෝදි සමඟ සාකච්ඡා කරනවා – සම්බන්‍ධන්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දෙන දේශපාලන හා ආර්ථික ගැටළු ගැන ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ලබන 11 වනදා දිවයිනට පැමිණීමට නියමිත නරේන්ද්‍ර මෝදි මහතා 12වනදා දෙමළ ජාතික සන්ධානය හමුවී සාකච්ඡා කරනු ඇති බව වාර්තාවේ. එහිදී දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්‍ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව දෙ.ජා.ස. නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

විශේෂයෙන් ඉඩම් නිදහස, දේශපාලන සිරකරුවන්ගේ නිදහස, අතුරුදන්වූවන්ගේ කටයුත්ත සහ දේශපාලන විසඳුම ඇතුළු කරුණු රැසක් සම්බන්‍ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද සම්බන්‍ධන් මහතා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top