ඉන්දිය අගමැතිගේ ශ්‍රී ලංකා සංචාරයේදී කිසිඳු යටි අරමුණක් නැහැ

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී කිසිඳු යටි අරමුණක් නොමැති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා පවසයි.

නරේන්ද්‍ර මෝඩි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය කිසිදු දේශපාලනික හෝ ආර්ථික අරමුණක් වෙනුවෙන් නොවන බවත් පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවීමේ අරමුණින් ඉන්දිය අගමැතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දීය මහකොමසාරිස් තරින්ජිත් සිං සාන්ඳු මහතා පවසා තිබේ.

ලබන 12 වන දින සිට 14 වන දින දක්වා මෙරට දි පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය නිමිත්තෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ලබන 11 වන දින දිවයිනට පැමිණීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top