මෝදිගේ පැමිණීම නිමිත්තෙන් ඉන්දිය හෙලිකොප්ටර් යානාවලින් කළ පෙරහුරුව හේතුවෙන් කඳුකරයේ නිවාස 5කට හානි

දිවයිනට පැමිණීමට නියමිත ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හැටන් ප්‍රදේශයේ ද සංචාරය කිරීමට සූදානම් වන අතර, ඒ සඳහා ඉන්දිය ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවලින් කළ පෙරහුරුව හේතුවෙන් නිවාස පහකට අලාභ හානි සිදුව ඇැති බව වාර්තාවේ.

හැටන් ඩන්බාර් ක්‍රීඩාංගනයට හෙලිකෝප්ටර් යානා ගොඩබැස්සීමේදී අවට පිහිටි නිවාස පහක වහලයට අලාභහානි සිදුව ඇති බවට හැටන් පොලිස් ස්ථානය වෙත පැමිණිළි කර තිබේ. අධි බලැති එම හෙලිකොප්ටර් යානාවල සුළඟ හේතුවෙන් නිවාසවල වහලය ගසාගෙන ගොස් ඇති බව පැවැසේ.

මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රමාත්‍ය නරේද්‍ර මෝදි මහතා හෙට දින මෙරටට පැමිණීමට නියමිත අතර, අනිද්දා දින හැටන් දික්ඕයා දිස්ත්‍රික්ක රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ද මෝදි මහතා සහභාගිවීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top