ඉරනයිතීව් ජනතාවගේ සත්‍යග්‍රහයට දින දහයයි..

කිලිනොච්චිය, පූනගරි, ඉරනයිතීව් ජනතාව විසින් ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින දහයක් අවසන්වී තිබේ. තමන් ජීවත්වූ පාරම්පරික ප්‍රදේශයෙන් අවතැන්ව ගොස් වසර 24ක් අවසන්වී ඇති බවත් තමන්ගේ ප්‍රදේශවලට යෑමට අවසර ලබා දෙන්නැයි එම ජනතාව හැඩූ කඳුලින් යුතුව ඉල්ලා සිටිති.

පසුගිය 1 වනදා ආරම්භ කළ තම ගම්බිම්වලට යෑම සඳහා වූ සත්‍යග්‍රහය දින දහයක් තිස්සේ පවත්වාගෙන යන අතර, තම ගම්මානයට ගොස් නැවැත පදිංචිවන තෙක් සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යන බව එම ජනතාව පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top