කිලිනොච්චියට ඇදහැලුණු වර්ෂාව සමඟ වූ සුළඟ හේතුවෙන් නිවාස රැසකට හානි..

කිලිනොච්චිය – පෙරියපරන්තන් ප්‍රදේශයට හමා ගිය දැඩි සුළගකින් නිවාස රැසකට හානි සිදුව ඇති බව වාර්තාවේ.

ඊයේ පස්වරු 3:30ට පමණ වර්ෂාවත් සමග සුළං තත්ත්වය හටගත් බව කිලිනොච්චි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සදහන් කර තිබේ.

සුළග හේතුවෙන් ප්‍රදේශයේ නිවාස දහසකට වැඩි ප්‍රමාණයකට හානි සිදුව ඇති අතර, නිවාසවල වහල ගැලවී ඇති අතර ඇතැම් නිවාස මතට ගස් කඩා වැටී ඇති බව ප්‍රදේශවාසීන් පවසා තිබේ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top