විශ්වමඩු ප්‍රදේශයේ 19 හැවිරිදි සිසුවෙකු මියයයි – මී උණ යැයි සැකයක්

මුල්ලතීව්, විශ්වමඩු ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකු මිය ගොස් තිබේ. එම්. සදීස්කුමාර් නැමැති ඔහුව උණ රෝගයක් හේතුවෙන් කිලිනොච්චිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුගිය සඳුදා දින මිය ගොස් තිබේ.

මී උණ රෝගය හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට සැක පළකර තිබෙන අතර, වැඩිදුර වෛද්‍ය පරික්‍ෂණ සඳහා සාම්පල කොළඹට යවා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top