මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීමට ශ්‍රී ලංකාවේ සහාය..

මියැන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය තහවුරු කරලීම සහ පාර්ලිමේන්තුව ශක්තිමත් කරලීම සඳහා ශ්‍රී ලංකාව සතු අත්දැකීම් ඔස්සේ සහයෝගය ලබාදෙන ලෙස මියන්මාරයේ රාජ්‍ය නායිකා අවුන් සාන් සුකී (Hon. Aung San Suu Kyi) මහත්මිය පැවසීය.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) දහවල් හමුවෙමින් සුකී මහත්මිය පෙන්වා දුන්නේ මියන්මාරය හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් එහි ස්ථාපිත කිරීම බවය.

ඒ සඳහා ශ්‍රී ලංකාව වෙතින් ලබා දිය හැකි පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවත්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් මියන්මාරයේ සංචාරයක් සඳහා සහභාගී කරවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top