ආයෝජකයන් දිරි ගැන්වීම වෙනුවෙන් බදු සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය රවී කරුණානායක පවසනවා. මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම නව වැඩපිළිවෙළ තුළින් ශ්‍රී ලංකාවට ණය ගැනීම වෙනුවට ආයෝජන ලබා ගැනීමේ හැකියාව ශක්තිමත් වන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. යහපාලන රජය බලයට පත්වීමෙන් පසු ණය ලබා ගැනීම ක්රමාණුකූලව අඩුකර තිබෙනවා.
මෙම නව සහන වැඩපිළිවෙළ ආයෝජන ක්ෂේත්‍ර 5ක් යටතේ ක්‍රියාත්මක වනවා. ඇමෙරිකා ඩොලර් මිලියන 3ට අඩු ආයෝජන , රැකියා උත්පාදනය පදනම් වූ ආයෝජන ,මහාපරිමාණ ආයෝජන, වරායන් සදහාවන ආයෝජන සහ රදවාගැනීමේ බදු නිදහස වෙනුවෙන් සහන හිමිවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
එමෙන්ම සමාගම් ආදායම් බදු අනුපාත ස්ථර තුනකින් සමන්විත වන පරිදී සරළ කර තිබෙනවා. මේ යටතේ ක්ෂේත්‍ර රැසක සමාගම්, ආදායම් බදුවලින් නිදහස් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා කියා සිටියා. මෙම යෝජනා පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.