ලබන 19 වනදා සිට ශ්‍රී ලංකාවට ජී.එස්.පී. සහනය

ලබන 19 සිට ක්‍රියාත්මක වන පරිදි ජී.එස්.පී ප්ලස් තීරුබදු සහනය ශ්‍රි ලංකාවට ලබා දීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ යුරෝපා සංගම් තානාපති තුංලායි මාග් (Tung-Lai Margue ) මහතා පවසා තිබේ.

ශ්‍රී ලංකාවට ජී.එස්.පි. පිලස් බදු සහනය ලබාදීම පිළිබඳව යුරෝපා රටවල් කිසිඳු විරෝධයක් පළකර නැති බවත්, ජි.එස්.පි. සහනය ලබාදිම පිළිබඳ ප්‍රකාශණය ලබන බ්‍රහස්පතින්දා නිකුත් කරන අතර, සිකුරාදා දින පටන් එම සහනය ලබාගත හැකි බව හෙතෙම පවසා තිබේ.

ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීමට ප්‍රථම ශ්‍රී ලංකාවේ පැවති මානව හිමිකම් තත්ත්වය හා වධ හිංසාවට ලක් කිරීම් සම්බන්ධයෙන් වන චෝදනා පිළිබඳ දීර්ඝ වශයෙන් සලකා බැලූ බවත්, තත්ත්වය යම් තාක් දුරට යහපත් වී ඇති බවත්, එය ඉදිරියටත් වර්ධනය කරගත යුතු බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top