කිලිනොච්චියේ පිහි පහරින් සැමියා මරුට, බිරිද බරපතල තුවාල ලබා රෝහලට

අද (16) දින පස්වරු 1ට පමණ කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ සිඳුවූ පිහි පහරකින් පුද්ගලයකු මිය ගොස් ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා තිබේ. කනකපුරම් පැරණි වෙළඳපොළ අස සිදුවූ මෙම සිද්ධියෙන් කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මියගොස් තිබෙන අතර, ඔහුගේ බිරිඳ බරපතල තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුලත් කර තිබේ.

සිද්ධිය සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ, තමන් කුලියට පවත්වාගෙන ගිය ව්‍යාපාරික ස්ථානයට ලබාදුන් පෙර ගෙවුම් මුදල නැවැත ලබා ගැනිම සඳහා සැමියා, බිරිද සහ ඔවුන්ගේ හය හැවිරිදි දියණිය සමඟ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ නිවසට ගිය අවස්ථාවේ එහි ඇතිවූ බැහින්බස්වීමක් දුරදිග යෑමෙන් ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සැමියා සහ බිරිඳට පිහියෙන් ඇන තුවාල සිදුකර ඇති බව ජනතාව පවසති.

මියගිය පුද්ගලයා පස්දරු පියෙකු බවත් සිද්ධිය සම්බන්‍ධයෙන් සැකපිට ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top