ගාල්ල දිසා ලේකම් කාර්යාලයටත් සයිබර් ප්‍රහාරයක්

ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඊයේ (15) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ පරිගණක දත්ත යාවත්කාලීන කිරීමේදී සිදුවී ඇති සයිබර් ප්‍රහාරය හේතුවෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිගණක දත්තවලට කොපමණ හානියක් සිදුවී ඇත් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ වනවිට ලෝකට පුරා 100කට අධික රටවල් ප්‍රමාණයකට සයිබර් ප්‍රහාර එල්ල වී ඇති අතර ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයට එල්ල වී ඇත්තේ එම සයිබර් ප්‍රහාරයදැයි මෙතෙක් වාර්තා වී නැත.

දැනටමත් මේ පිළිබඳව පරිගණක විශ්ලේෂකයන් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top