උතුරු මැද පළාත් සභාවට තවත් අමාත්‍යවරයෙක්

උතුරුමැද පළාත් සභාවේ වාරිමාර්ග, ඉඩම්, ග්‍රාම සංවර්ධන සහ කාන්තා කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ එච්.බී. සේමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කර, එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ මහතාව ඒ සඳහා පත් කර තිබේ.

අද (17) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේදී ඔහු එම අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බව වාර්තාවේ.

එම ඇමති ධුරයේ මෙතෙක් කළක් කටයුතු කළ එච්.බී. සේමසිංහ මහතා මහින්ද පිල සමග එක්ව වත්මන් මහ ඇමතිවරයාට විරුද්ධව පෙරේදා (15) උතුරුමැද ආණ්ඩුකාරවරයාට දිව්රුම් පෙත්සම් ලබා දුන් අතර එසේ දිව්රුම් පෙත්සම් ලබාදුන් මන්ත්‍රී වරයෙකු ඊයේ (16) නැවත මෛත්‍රී පිල සමග එකතු විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top