මුන්දලමේදී හෙරොයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කිලෝග්‍රෑම් එකකට අධික හෙරොයින් තොගයක් සමග මුන්දලම, සින්නපාඩුව ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුන්දලම පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ රාත්‍රී 10ට පමණ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 10ක් අත්අඩංගුවට ගත් බව ය. සැකකරු අද පුත්තලම මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top