විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් මුල්ලිවායිකාල් අනුස්මරණ කටයුතු ආරම්භ වේ

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ සැමරුම් උත්සවය අද (18) මුලතිව්, මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදි උතුරු. පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ප‍්‍රධානත්යෙන් පැවැත්විණි. එහිදී මහ ඇමැතිවරයා විසින් පොදු මහා පහන දල්වා සැමරුම් උත්සවය ආරම්භ කළේය.

අනතුරුව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා පහන් දල්වා ශෝකය පළ කිරීමෙන් අනතුරුව, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාෙවියි සේනාධිරාජා, ශිවඥානම් ශ‍්‍රීධරන්, ශිවශක්ති ආනන්දන්, ටි.සිද්ධාර්ථන්, උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන්, සහ ජනතාව ද යුද්දයෙන් මියගිය ඥාතීන් වෙනුවෙන් පහන් දල්වා, මල් පුජා කොට සිය ශෝකය පළ කළහ.

මුල්ලිවායිකාල් සැමරුම් උත්සවයට ප්‍රථම වරට මෙරව සර්වාගමික නායකයන් ද සහභාගිවීම විශේෂත්වයකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top