මත්පෙති සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

මත් පෙති තොගයක් සමඟ තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්වුණා. බොරැල්ල සහස්පුර මහල් නිවාසයක් ඉදිරිපිටදී මත් පෙති තොගයක් ළඟ‍ තබාගෙන සිටි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත් දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරකට අනුවයි අදාළ වැටීලීම සිදුකෙරුණේ. වයස අවුරුදු 18ක් වූ සැකකකරු හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර මත් පෙති තොගයක් සමග තවත් තරුණයෙකු මරදාන ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 20ක් වූ ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. කොළඹ අපරාධ කොට්ඨාසය මේ පිළිබද වැඩිදුර විමර්ශන ආරම්භකර තිබෙනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top