එංගලන්තයේ සිඳු වූ බෝම්බ පිපිරිමකින් 19ක් මරුට

එංගලන්තයේ මැන්චෙස්ටර් නුවර සංගීත සංදර්ශනයක් අතරතුර සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ. බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ, ඉන් තව ත් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව ය.

මැන්චෙස්ටර් එරීනාහි පැවති පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේගේ සංගීත සංදර්ශනය අතරතුර මෙම පිපිරීම සිදුව තිබේ.

මීට වගකිව යුතු පාර්ෂව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැතැත් එය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සලකා පරික්ෂණ ක්‍රියාත්මක බව මැන්චෙස්ටර් පොලීසිය ප්‍රකාශ කළේ ය.

ප්‍රහාරයෙන් මිය ගිය හෝ තුවාල ලැබූ පුද්ගලයින් සං‍ඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව මූලික වාර්තාවල දැක්වේ.

කෙසේ වෙතත් පිපිරීමෙන් පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. පිපිරීමත් සමග සංගීත සංදර්ශනය අත්හිටුවා නැරඹීමට පැමිණි පිරිස් එම ස්ථානයෙන් ඉවත් කර තිබේ.

සිද්ධිය ඇසින් දුටු ඇතමුන් ප්‍රකා‍ශ කර ඇත්තේ, පිපිරිම් දෙකක් සිදුවූ බව ය. මෙය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් විය හැකි බවට එරට නිළධාරීන් සැක පළ කර තිබේත

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top