වෛරය වපුරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි – එක්සත් ජාතීන්ගේ සංවිධානය

වෛරය වපුරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා තිබේ. වෛරය වපුරන සහ ප්‍රචණ්ඩත්වය ඇති කරන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත උනා මක්කුලේ මහත්මිය පවසා තිබේ.

පසුගිය සතියේ ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර වෙසක් දිනය සැමරූ බවත්, මෙම සතියේදී බුදු රජාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය උදාසීන කර ඇතැයි ද ඇය පෙන්වාදී තිබේ. වෛරය, ප්‍රචණ්ඩත්වය ඇති කරන පුද්ගලයන්ට එරෙහිව රජය සහ රටේ ජනතාව එක්වී හඞ නැගිය යුතු යැයි ඉල්ලා තිබේ. මෑතකදී මුස්ලිම් ආගමික ස්ථාන කිහිපයකට සිදුකළ ප්‍රහාරවලින් අනතුරුව මෙම අදහස් ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.

මේ අතර, මුස්ලිම් නියෝජිතයන් විපක්‍ෂ නායක ආර්. සම්බන්‍ධන් මහතා හමුවී තම ගැටළු ගැන සාකච්ඡා කර තිබේත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top