කොළඹට අද රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක්..

ජල නල අළුත්වැඩියාවක් නිසා කොළඹ පෙදෙස් කිහිපයකට අද (24) සහ හෙට (25) දිනයන් තුළ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට හෙට සවස 4.00 දක්වා කොළඹ 02 සහ 03 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු අැත. එසේම තිඹිරිගස්යාය, හැව්ලොක් පාර, කොළඹ 08 සහ 10 යන ප්‍රදේශයන්ට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල අාරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top