ජනපති ඕස්ට්‍රේලියාවට ළඟාවෙයි

ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය  සංචාරයක නිරතවන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රාජ්‍ය නායකයා ලෙසින් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) පෙරවරුවේ  කැන්බරා ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එරටට ළඟාවිය.

එරට රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය සෙනෙටි සභික Simon Birmingham මහතා සහ අග‍්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්  Mark Fraser යන මහත්වරුන් ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් මෙහිදී ජනාධිපතිතුමා මහතා හරසරින් යුතුව පිළිගනු ලැබූහ.

මේ අතර ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ජනාධිපතිතුමා නවාතැන් ගන්නා කැන්බරා නුවර හෝටලයේ දී ද සංවිධානය කර තිබුණි.

ඕට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය හා කැබිනට් කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් Elizabeth Kelly, ඕස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස්  Somasundaram Skandakumar, ශ‍්‍රී ලංකාවේ ඔස්ෙටි‍්‍රලියානු මහ කොමසාරිස් Bryce Hutchisson යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top