වර්ගවාදය,ආගම්වාදය, ජාතිවාදය රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා – කරුණාරත්න පරනවිතාන

වර්ගවාදය,ආගම්වාදය, ජාතිවාදය රජය ප්‍රතික්ෂේප කර තිබෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරනවිතාන මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසී ය.

උන්මත්තකයින් ලෙස රටේ සාමයට බාධා කරන්නන්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙවැනි උන්මත්තකයින්ගේ ක්‍රියාදාමයන් වීරත්වය ලෙස හුවාදැක්වීමට ක්‍රියා නොකරන ලෙස ද මාධ්‍යයෙන් ඉල්ලා සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

විවාදයේ අඳහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා, මෙය ආණ්ඩු විරෝධී ව්‍යාපාරයේ කොටසක් ලෙස පෙනී යන බව පැවසී ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top