විපතට පත්වූවන්ට ඉන්දියාවෙන් සහනාධාර

ශ්‍රී ලංකාවේ පවතින ජලගැලීම් හා නායයාම්වලින් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් හා උපකරණ රැගත් නැව් දෙකක් මෙරටට  එවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.

මෙම නෞකා දෙක එවනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුවය.

මෙහි ප්‍රථම නෞකාව හෙට (27) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වන අතර අනෙක් නැව අනිද්දා (28) පැමිණීමට නියමිතය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top