දුම්රිය මෙහෙයුම් අධීක්‌ෂණ නිලධාරීන්ගෙන් ලබන 04 වනදා සංකේත වැඩ වර්ජනයක්

වෘත්තීය ඉල්ලීම් කිහිපයක්‌ මුල් කරගනිමින් ලබන ජූනි මස 04 වනදා මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි පැය 24 ක සංකේත වැඩ වර්ජනයක්‌ දියත් කරන බව දුම්රිය මෙහෙයුම් අධීක්‌ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනතුරු අගවා සිටියි.

මේ වන විට ක්‍රියාත්මක වන ද්විතියක මට්‌ටමේ වැටුප් තලයන් තෘතීයික මට්‌ටම තෙක් උසස්‌ කිරීම, විශ්‍රාම යාමේ කාලය අවුරුදු 63 ක් තෙක් ඉහළ නැංවීම අැතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් විසින් මෙතෙක් විසදුම් ලබා නොදීමට විරෝධය පළකරමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවද දුම්රිය මෙහෙයුම් අධීක්‌ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top