විග්නේශ්වරන් විසින් වන්නේරිය ප්‍රදේශයේ සංචාරක මධ්‍යස්ථානය විවෘත කරයි..

උතුරු පළාත් නිශ්චිත සංවර්ධන ප‍්‍රදාන යටතේ වෙන් කළ මුදලින් රුපියල් මිලියන 6ක වියදමින් වන්නේරිය ප්‍රදේශයේ ඉදිකළ සංචාරක මධ්‍යස්ථානය උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් විසින් අද දින විවෘත කෙරුණි.

කුරුළු අභය භූමියක් වූ වන්නේරිය වැව යාබදව මෙම සංචාරක මධ්‍යස්ථාන ඉදිකර තිබේ. ඉකුත් ප්‍රදේශයට සංක්‍රමණික පක්ෂීන් විශාල ප්‍රමාණයක් පැමිණෙන හෙයින් ඉදිරියේදී මහ පරිමාණයේ සංචාරක මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ අරමුණින් මෙම සංචාරක මධ්‍යස්ථානය ආරම්භ කර තිබේ.

මෙම අවස්ථාවට උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන්, පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රී. ශ්‍රීදරන්, උතුරු පළාත් සභා මන්ත්‍රී පසුපදිපිල්ලේ යන මහත්වරුන්ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top