විපතට පත්වූ ජනතාවට චීනයෙන් අධාර

ගංවතුරෙන් හා නායයෑම්වලින් විපතට පත් මෙරට ජනතාව වෙනුවෙන් ඩොලර් මිලියන 2.2ක ආධාර ලබා දෙන බව චීනය පවසනවා. එමෙන්ම ජාත්‍යන්තර රතු කුරුස සමාජයද ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල වෙබ් අඩවියේ මේ බව සදහන් කර තිබෙනවා. ගංවතුරෙන් හා නායයෑම්වලින් විපතට පත් ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් චීන ජනාධිපති ක්ශී ජින්ග්පින්ග් හා අග්‍රාමාත්‍ය ලී කර්චියෑන් යන මහත්වරුන් සිය ශෝකය පළ කරන බවයි එහි දැක්වෙන්නේ. මෙම ආපදා අස්ථාවේදී ශ්‍රී ලංකා රජයට පූර්ණ සහය ලබා දෙන බවද චීන රජය ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඉතා ඉක්මනින් විපතට පත් වූවන් නැවත නගා සිටුවීමේ වැඩ පිළිවෙල සාර්ථකව සිදු වනු ඇති බවට චීනය විශ්වාසය පළකරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top