මොරා කුණාටුව බංගලාදේශයට යයි

ධාරානිපාත වැසි හා  සුළං සමඟ මොරා සුළි කුණාටුව බංගලාදේශය ප්‍රදේශයට ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අනුව බංගලාදේශයේ අවධානම් කලාප වල සිටින මිනිසුන් එම ප්‍රදේශවලින් ඉවත් කිරිමට එරට බලධාරීන් පියවරගෙන ඇති බවද වාර්තා වේ.

මෙම කුණාටුව අද(30) දිනයේ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ පැයට කිලෝමීටර් 117 වේගයකින් පැමිණිය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශකර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top