අන්තරේ කැදවුම්කරු අැතුළු 6කට අැප..

විරෝධතාවකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අලාභ හානි කිරීම සහ අධිකරණ නියෝග අනුව අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීමේ චෝදනා මත වරෙන්තු නිකුත් කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු තවත් සය දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද (31) නියෝග කරන ලදී.

අදාළ නියෝගයට අනුව රුපියල් 2500 බැගින් වු මුදල් ඇප මත මෙම පිරිස මුදාහැරින ලෙස අධිකරණය නියෝග කර අැති බව වාර්තා වේ. කුරුදුවත්ත පොලීස් ස්ථානය විසින් මෙම නඩු පැවරීම සිදු කර අැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top