කාබුල් බෝම්බ ප්‍රහාරයෙන් අසූවක් මරුට

ඇෆ්ඝනිස්තාන් නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අලුත්ම තොරතුරු අනුව කාබුල් අගනුවර එල්ල කෙරුණ මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරයෙන් මරණයට පත් ජන සංඛ්‍යාව අසූවකි.

ප්‍රහාරය එල්ල කරනු ලැබ තිබෙන්නේ අගනුවර තානාපති කාර්යාල පිහිටා ඇති කලාපයකයි.

බිහිසුණු බෝම්බයට හසුව තවත් තුන්සිය පනහකට(350) අධික ජනයා තුවාල ලැබ ඇති බවත් ඇෆ්ඝන් වාර්තා පවසයි.

අද (මැයි 31) උදෑසන නගරය කාර්ය බහුල හෝරාවක එල්ල කෙරුණ ප්‍රහාරයෙන් ප්‍රංශ තානාපති කාර්යාලයට අලාභ හානි සිදු වී ඇත.

බෝම්බ ප්‍රහාරයෙන් පසු කාබුල් අගනුවර ඉහල අහස කළු වලාවකින් වැසී තිබුණ බව වාර්තාකරුවෝ පවසති.

බිහිසුණු පිපිරීමත් සමඟ කිලෝමීටර් කීපයක් ඇතුළත නිවාසවල කවුළු ආදියට පවා හානි සිදුවී ඇති ආකාරය දක්නට ලැබෙයි.

මෙම වසන්ත කාලයේ දී විදේශීය හමුදා ඉලක්ක කර ගනිමින්”මහා වසන්ත ප්‍රහාරයක්” ආරම්භ කරන බව තාලිබාන් ව්‍යාපාරය විසින් මේ මාසය මුලදී නිවේදනය කර තිබුණි.

IS ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර වලට ද කාබුල් අගනුවර පසුගිය කාලයේ ගොදුරු විය.

– bbc.com/sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top