ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

ගනේමුල්ල ප්‍රදේශයේ ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ ස්ථානයක් වටලා සැකකාරියක් සහ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව ගනේමුල්ල කඩවල පාරේ වෙළෙඳසැලකින් ව්‍යාජ මුදල් නෝට්ටු මාරු කිරීමට පැමිණි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගත් බව ය.

ඇය සන්තකයේ තිබී රුපියල් 5000සක ව්‍යාජ මුදල් නෝට්ටු 09ක් සොයා ගෙන ඇත.

පොලීසිය පැවසුවේ, සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඇය සන්තකයේ තිබී තව ත් රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 16ක් සොයා ගෙන ඇති අතර පසුව කළ පරීක්ෂා කිරීම්වලදී මුද්‍රණාලය වටලා මුදල් මුද්‍රණයට යොදා ගත් උපකරණ රැසක් ද පොලිස් භාරයට ගත් බවයි.

සැකකරුවන් වයස අවුරුදු 22 සහ 29 වයස්වල පසුවන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top