නාවික හමුදාවෙන් ජනතාවට අනතුරු ඇඟවීමක්….!

ගංවතුර තත්ත්වය අඩු වීමත් සමග ආපදාවට ලක් වූ ජනතාව සිය ඥාතීන් සහ දේපළ සොයා කුඩා බෝට්ටු හා පාරු ආධාරයෙන් යාත්‍රා කිරීමට උත්සහ කිරීම ඉතා අනතුරු දායක බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ගංවතුර අඩු වීමත් සමග ශීඝ්‍රයෙන් ජලය ගලා යන අතර එම ජලයේ අවිධිමත් බෝට්ටු හා පාරු භාවිත කිරීම නිසා පුද්ගලයින් මේ වන විටත් අනතුරුවලට මුහුණ පා ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

ශ්‍රී ලංකා නාවික හමුදාව ඉල්ලා සිටින්නේ, මෝටර් ආධාරයෙන් ක්‍රියාත්මක නොවන කුඩා බෝට්ටු හා පාරු මගින් යාත්‍රා කිරීමේදී සැඩපහරට හසුව අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බව ය.

මේ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස පීඩාවට පත් ජනතාවගෙන් නාවික හමුදාව ඉල්ලා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top