ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්‍ධයෙන් නැගෙනහිර මහ ඇමැති, යුරෝපා නියෝජිතයන්ට කියයි..

යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් අතර සාකච්ඡා හමුවක් ඊයේ (31) දින පැවැත්වුණි. ත්‍රිකුණාමලය පිහිටි මහ ඇමැති කාර්‍යාලයේදී පැවැති ඉකුත් හමුවට කෙරාට් රාන් ලේනට් මහතා ප්‍රධානත්වයෙන් යුතු යුරෝපා සංගමයේ නියෝජිතයන් සහභාගිවූහ.

එහිදී රටතුළ මුස්ලිම්වරුන්ට එරෙහිව ක්‍රියාත්මක වන ජාතිවාදී ප්‍රචණ්ඩ ක්‍රියා ගැන යුරෝපා සංගමයේ නියෝජිතයන් වෙත කරුණු පැහැදිළි කළ අතර, මෑත කාලයේ මුස්ලිම් ආගමික ස්ථාන සහ ව්‍යාපාරික ස්ථානවලට එල්ලවූ ප්‍රහාරයන් ගැන ද පෙන්වාදී තිබේ.

රට තුළ මුස්ලිම් ඇතුළු සුළු ජාතිකයන්ගේ ආගමික නිදහස බාධාවට පත්වී තිබෙන බව පැවැසූ නැගෙනහිර මහ ඇමැතිවරයා රට තුළ උස්සනවී තිබෙන ජාතිවාදී ප්‍රචණ්ඩත්වයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට යුරෝපා සංගමය රජයට බලපෑම් කළ යුතු යැයි ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top