විපතට පත් වූවන් සඳහා ආධාර රැගත් චීන ගුවන් යානයක් දිවයිනට

ආපදා වලින් විපතට පත් වූවන් සඳහා සහන රැගත් චීන ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.

අද(3) පස්වරු 2ට පමණ මෙම ගුවන් යානය දිවයිනට පැමිණ ඇති අතර විදෙස් කටයුතු අමාත්‍ය රවී කරුණානායක, අපදා කලමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා යන ඇමතිවරුන් හා චීන ශ්‍රී ලංකා තානාපති විසින් මෙම ගුවන් යානය පිළිගෙන ඇති බව වාර්තාවේ.

ඇමරිකානු ඩොලර් මිලියන 2.2 පමණ භාණ්ඩ මෙම යානයේ රැගෙනවිත් තිබේ.

කූඩාරම් රෙදි 6000,ඇතිරිලි 5000,ජීවිත ආරක්ෂක කබා 20000,බ්ලැන්කට් 20000 මෙහි රැගෙන ආ භාණ්ඩ අතර වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top