ජාතීන් හා ආගමි අතර විරසක ඇති කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

ජාතීන් හා ආගමි අතර විරසක ඇති කරන සහ සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය වෛරී ප්‍රචාර ගෙන යන පුද්ගලයින් හා කණ්ඩායම් වලට දැඩි පියවර ගන්න බව පොලිසිය සඳහන් කරයි. මේ සඳහා විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් යොදවා ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පවසයි.

එමෙන්ම තම පොලිස් බල ප්‍රදේශය තුළ ජාතීන් හා ආගම් අතර විරසක ඇති කිරීමේ යම් ගැටුම්කාරී හෝ අනර්ථකාරී සිද්ධියක් ඇතිවුවහොත් එහි පූර්ණ වගකීම සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් දැරිය යුතු බව ද පොලිස්පතිවරයා දැනුම් දී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කර තිබේ.

එම තත්ත්වයන් වළක්වාගැනීම සඳහා සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්, සහකාර පොලිස් ස්ථානාධිපතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීවරුන් මෙන්ම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැඩි කැපවීමෙන් කටයුතු කළ යුතු බවට සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top