නීතිපතිට හා රහස් පොලිසියට නොතීසි

court- නියෝග- අධිකරණයනීතිපතිට හා රහස් පොලිසියට ඔක්තෝබර් 27 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක මහත්මිය අද (13) නියෝග කර තිබේ.

කොළඹ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ආනන්ද සමරසේකර කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ තීන්දුවකට එරෙහිව ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති නීතිපති හා රහස් පොලිසියට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ අපේක්ෂිත ඇප පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලමින් අදාළ පෙත්සම ගොනු කර තිබේ.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top