වතු කම්කරුවන්ට සහාය පළකර කිලිනොච්චියේ උද්ඝෝෂණයක්..

20161013_093050-copyවතු කම්කරුවන්ට ගෙවන දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන්නැයි අවධාරණය කර කිලිනොච්චියේ උද්ඝෝෂණයක් පවත්වා තිබේ. වතු කම්කරු සමාජ සංවර්ධන ව්‍යාපාරය සහ නීතිය හා සාමය සඳහාවූ සර්වාගමික සංවිධානය විසින් සංවිධාණය කරන ලද මෙම උද්ඝෝෂණයේ පාගමන කිලිනොච්චිය පැරණි දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාල පරිශ්‍රයේ සිට ආරම්භවී නව දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය දක්වා පැමිණියේය.

20161013_094544-copy

වතු කම්කරුවන්ගේ වැටුප ඉහළ දැමිය යුතු යැයි අවධාරණය කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කිරීම සඳහාවූ සන්දේශයක්ද දිස්ත්‍රික්ක දිසාපති කාර්‍යාලය වෙත භාරදුන්හ.

– Global Tamil News – Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top