ලංකාව ගැන මානව හිහිකම් කවුන්සිලයට තවත් වාර්තාවක්..

ශ්‍රී ලංකාවේ වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනෙකු සැකසූ තවත් විශේෂ නිරීක්ෂණ වාර්තාවක් ලබන සඳුදා (12) ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මෙම විශේෂ නිරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් එදිනම මානව හිමිකම් කවුන්සිලයේ සාමජික රටවල් 47ක නියෝජිතයින් හමුවේ සාකච්ඡාවට ගැනීමට නියමිත බවද වැඩිදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව අධිකරණයේ ස්වාධීනත්වය පිලිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්තෝ සහ වදහිංසා පැමිණවීම සම්බන්ධ විශේෂ නියෝජිත හුවාන් ඊ මෙන්දෙස් ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී මෙරට සිදු කළ සංචාරයකින් පසුව මෙම විශේෂ නිරීක්ෂණ වාර්තාව සකසා ඇත.

පුරා සතියකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටි වදහිංසා පැමිණවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා 2010 වසරේදීද මෙරට සංචාරයක නිරත වී ඇති අතර අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිතවරිය මෙරට සංචාරය කරනු ලැබූ පළමු අවස්ථාව  විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top