පුනරින් ප්‍රදේශයේදී කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

පුනරින් ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 248ක් අත්අඩංගුවට ගෙන තිබේ. පුනරින් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

බෝට්ටුවකින් කේරල ගංජා ගෙනැවිත් පුනරීන් සංගුපිටිය පාලම අසලදී ඒවා මෝටර් රථයකට පැටවීමට උත්සාහ කරන අවස්ථාවේදීයි කේරල ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී සැකකරුවන් පළාගොස් ඇති බවත්, ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පොලීසිය පවසාතිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top