කප්පම් ගැනීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු ගිරිඋල්ල ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් ගිරිඋල්ල ප්රදේශයේ ස්වර්ණභාරණ වෙළද සැල් හිමිකරුවෙකුට දුරකතනයෙන් තර්ජනය කර බිය ගන්වා රුපියල් ලක්ෂ 05 ක කප්පමක් ඉල්ලා ඇති බවත්, ඉන් රුපියල් 50,000 ක් රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව කළ ප්රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.