කොහුවල ප්‍රදේශයේ කාන්තාවක් තියුණු ආයුධවලින් පහරදී ඝාතයට

නුගේගොඩ කොහුවල ප්‍රදේශයේ කාන්තාවකට තියුණු ආයුධවලින් ඇණ ඝාතනය කොට තිබෙනවා. ඊයේ රාත්‍රීයේ 8ට පමණයි මෙම ඝාතනය සිදු වී තිබෙන්නේ.කොහුවල පොලිස් වසමට අයත් කැස්බෑව පාර සුරියමල් මාවත ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කර තිබෙන්නේ.

කෙසේ වෙතත් පොලිසියට ලැබුනු තොරතුරක් මත කොහුවල පොලිසිය මේ සම්බන්ධයෙන් ක්ෂණික විමර්ශනයක් ආරම්භ කොට තිබෙනවා. ඝාතනයට ලක්වී ඇති තරුණිය මතුගම ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන බවයි පොලිසිය අණාවරණය කොට ඇත්තේ. ඝාතනයට සම්බන්ද සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට හේතුව තවමත් අනාවරණය වී නැහැ. කොහුවල පොලිසිය සිදු වීම සම්බන්දයෙන් පරික්ෂණ ක්‍රියාත්මක කරනවා.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top